චිත්‍ර කලාවේ ඇති සංජානනමය හැකියාව.
චිත්‍ර කලාවේ පවතින සංජානනමය හැකියාව පිළිබඳ වීමංසනය කරන කල්හී එය චිත්‍ර කලා ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ගම්‍යමාන වේ.දඩයම සිය ජීවනෝපාය බවට පත් කොට ගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා විසින් දෙනික ජීවිතයේ සිය දඩයම් කටයුතුවල නිරතවීමේදී මුහුණ් දීමට සිදුවන අත්දැකීම් සහ ඔවුන් ඇසින් දුටු දෑ මනාව නිරීක්ෂණය කොට එය සිය විඥානයට හසු කර ගනිමින් සිය විවේකී කාල පරිච්ජේදය තුළ වර්ණ,රේඛා,හැඩතල ,සංඥා,සංකේත මඟින් මැනවින් හැගීම් ප්‍රකාශ වන අයුරින් ගුහා බිත්ති මත කුරුටු ගෑමෙන් හා සීරීමෙන් චිත්‍රනය කිරීමට උත්සුක වී ඇත.මීට කදිම උදාහරණයක් ලෙස යුරෝපා චිත්‍ර කලාවේ එන ස්පඤ්ඤයේ ඇල්ටමීරා හා ප්‍රංශයේ කෝගුල් ,ලැස්කෝ යන ගුහා තුළ ඇද ඇති සිත්තම් පෙන්වා දිය හැකිය
මෙම ගුහා සිත්තම් මඟින් ඔවුන් තමා ලද අත්දැකීම් ප්‍රතිනිර්මාණය කොට චිත්‍රමය බසින් අන්‍යන්ට මනාව සන්නිවේදනය කිරීමට දරන ලද වෑයම තුළින් චිත්‍රකලාවේ සංජානන හැකියාව කදිමට විවරණය වේ.එනම් මෙම කලා කෘති නරඹන රසික හදවත් තුළට මෙම සිතුවම් නිරීක්ෂණය කොට කියවීම තුළින් ආදි මානවයාගේ ජීවන රටාව,ඔවුන් දඩයමේ නිරත වූ ආකාරය මෙන් ම ඔවුන් සතුව පැවති සෞන්දර්‍යාත්මක ඥාණයත් සකලවිධ මනෝභාවයන් පිළිබඳ මනා දැනීමක් හෙවත් සංජානනයක් සපයයි.
මෙසේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු යුරෝපා චිත්‍ර කලාවේ නව මංපෙත් විවර වූයේ පුනරුද සමයේදී ය.පුනරුද යුගයේ ලියනාඩෝ ඩාවින්චි,මයිකල් ඈන්ජිලෝ හා රෆායල් සෙන්ටි යන ශිල්පීන් තිදෙනා ප්‍රමුඛ වේ.මොවුන් විසින් ඒ අවධියේ රාජ්‍ය අනුග්‍රහය මත ආගමික තේමාවන්ට වැඩි නැඹුරුතාවයක් දක්වමින් සිතුවම් නිර්මාණය වූ අතර ඉන් මොනාලිසා සිතුවම විශේෂ වුවකි.ලියනාඩෝ ඩාවින්චි විසින් ඇඳි මෙම සිතුවම කියවීම තුළින් රසිකයා මෙන් ම සමාජය ලබන රසවින්දනය එකිනෙකට වෙනස් ය.
කිසියම් කලා නිර්මාණයක් ගත් විට එමගින් රසිකයන් සියල්ලන්ම ලබන රසාස්වාදය,රසාඥතාවය හා වින්දන හැකියාව එක් එක් පුද්ගලයාට අනුව වෙනස් ය.අයෙක් එකී සිතුවමට ප්‍රිය උපදවන නමුත් තවත් අයෙක් ඊට ප්‍රියතාවයක් නොදක්වති.මන්ද සිතුවමක් ගත් කළ එය එක් එක් පුද්ගලයාගේ නෙතට හසුවන්නේ විවිධ දෘෂ්ටි කෝණ මඟිනි.අයෙකුට එකී සිතුවම කියමෙන් සිතුවම පිළිබඳ සිතෙන,දැනෙන,හැගෙන දේට වඩා හාත්පසින් වෙනත් අදහසක් තවත් අයෙකු විසින් ඉදිරිපත් කළ හැක.
සිතුවමක් චිත්‍රනය කරන සිත්තරා සිය සිතුවම චිත්‍රනය කරන්නේ කිසියම් අද්දැකීමක් හෝ ප්‍රස්තුතයක් පාදක කොට ගනිමිනි.නමුත් එකී කලා නිර්මායෙන් කියවෙන්නේ මෙවන් අදහසක් යැයි ශිල්පියා කිසි විටෙකත් සඳහන් කරන්නේ නැත.එහිදී ශිල්පියා රසිකයාට සිත්තම නරඹා කියවීමෙන් ඔවුන්ට හැගෙන දේ දැනෙන දේ නිදහසේ රස විදින්නට ඉඩ හසර සලසන්නේ චිත්‍ර කලාවේ පවතින සංජානනමය හැකියාව නිසාවෙනි.
මානව සංහතියේ දෘශ්‍ය ලොවට බද්දව පවතින්නා වූ කලා නිර්මාණයන් දෘශ්‍ය කලා යටතට ගිනිය හැක.එසේම එහි නිපුණත්වය දරන ශිල්පීන් විසින් ස්වකීය සංකල්ප හා ඒ මත නිර්මිත සිතුවම් මඟින් තත් සමාජයේ පුරුෂාර්ථ අපේක්ෂා හා චින්තාවන් ප්‍රකාශයට පත් කිරීමට වෑයම් කොට ඇත.එහිදී දෘශ්‍ය කලාවන් අතරින් චිත්‍ර කලාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.චිත්‍ර ශිල්පීන් විසින් කිසියම් කලා නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී ඊට චිත්‍ර ශිල්පියා සතු චිත්ත සන්තානයෙහි පහළ වන චිත්ත රූපයන්, අද්දැකීම් ආදී දෑ එම ශිල්පියා වෙසෙන සමකාලීන සමාජයේ පවතින දේශපාලන, ආර්ථික, සමාජීය, හා සංස්කෘතික පසුබිම ද ප්‍රබල බලපෑමක් සපයයි.
පුනරුද සමයේ කිතු දහම ජනයා අතර ව්‍යාප්ත කිරීමට හා ඔවුන් තුළ භක්තිය වඩවාලන්නට දේවස්ථාන ආශ්‍රිතව කිතු දහමේ එන සිද්ධි දාමයන් චිත්‍රනය කිරීම පෙන්වා දිය හැක. නිදසුන් ලෙස යුරෝපයේ සිස්ටයින් දෙවු මැදුරේ මයිකල් ඈන්ජිලෝ ඇඳ ඇති අන්තිම විනිශ්චය නම් සිතුවමෙහි ස්වර්ගය, මනුලොව, නිරය නිරූපනය කරමින් කිතු දහමෙන් වැරදි කරන්නාට දඩුවම් ලැබෙන බවත් යහපත් ක්‍රියා කරන්නන් ස්වර්ගයටත් යන බව මනාව කිතුනු බැතිමතුන්ට සංජානනය කිරීමට ගත් වෑයම මනාව විශද කෙරේ.මෙහිදී එම චිත්‍රය දකින රසික බැතිමතුන් එය කියවන ආකාරය තුළින් ඔවුන්ට මනා අවබධයක් ලබා ගත හැකි වන අතර එය චිත්‍ර කලාවේ පවතින සංජානනමය හැකියාවයි.
චිත්‍ර කලාවේ පවතින මූලිකාංග රාශියකි.එනම් වර්ණ, රේඛා , හැඩතල, අවකාශය, අකෘතිය, පර්‍යාවලෝකනය, අන්තර්ගතය, පරිමාව, මතුපිට ස්වභාවය ආදියයි.මෙකී මූලිකාංග ච්ත්‍ර කලා නිර්මාණයන්හි සාර්ථකත්වයට හා විශිෂ්ටත්වයට බෙහෙවින් ඉවහල් වේ.ඕනෑම සමාජයක නිරන්තරයෙන් වෙනස් වන දේශපාලන, ආර්ථික, සාමාජීය හා සංස්කෘතික ව්‍යුහයන් වෙනස් වීමත් සමඟ කලා නිර්මාණයන්හි ආකෘතිය, හැඩය, රටාව හෝ එහි වෙනත් අංගෝපාංග එදා පැවති ආකල්ප හා දෘෂ්ටිවාදවලට අනුකූලව වෙනස් වීම ස්වභාවිකවම සිදු වේ.මීට කදිම නිදර්ශන යුරෝපා කලවේ එන ඝණිකවාදය තුළින් මනාව විශද කෙරේ.
19 වන සියවසේ ඇරඹි ඝණිකවාදී කලාව වු කලී චිත්‍ර කලා ගමන් මගෙහි වෙනස් ආරක් ගත් කලාවේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ කලාවකි.ඝණිකවාදයට පූර්වයෙහි පැවති පශ්චාත් උපස්ථිතිවාදය තුළ විසූ පෝල් සෙසාන් විසින් ලොව පවතින සෑම වස්තුවක ම ගෝලය, කේතුව, සිලින්ඩරය යන ජ්‍යාමිතික හැඩ ඇසුරින් නිර්මාණය වී ඇති බව පෙන්වා දීමත් සමඟ එතෙක් ස්වභාවික ආලෝක තත්ව යටතේ ස්වභාවික දර්ශනයන් චිත්‍රනය කරමින් සිටි ශිල්පීන් පසුව ව්‍යුක්ත හැඩතල ඇසුරින් සිය කලා කෘති නිර්මාණය කරමින් නවතම කලා මධ්‍යක් ආරම්භ කරන්නට විය.මේ අනුව ඝණිකවාදී සිතුවම් අතර එන විශිෂ්ට සිතුවමක් ලෙස ගුවර්ණිකා සිතුවම හදුන්වා දිය හැකි ය.
ගුවර්ණිකා සිතුවම තුළින් නිරූපණය කෙරෙන්නේ ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධ සමයේ ගුවර්ණිකා නගරයට බෝම්බ හෙළීමෙන් ඇති වූ මානව හා දේපල විනාශයයි.එහිදී ශිල්පියා ව්‍යුක්ත හැඩතල ඇසුරින් යුද්ධයේ බිහිසුණු බව, අප්‍රිය බව හා කම්පාසහගත බව ආදී තියුණු මානුශීය හැගීම් සමුදායක් වඩාත් තීව්‍ර ලෙස රසිකයාට මෙන් ම සමාජයට ද තදින් දැනෙන ලෙස චිත්‍රනය කර ඇති ආකාරය විශ්මිත ය.මෙම සිතුවමේ දැක්වෙන මිනිසුන්ගේ හා සතුන්ගේ කැඩී බඳී ගිය අත පය ඒ මේ අත විසිර පවතින ආකාරය තුළින් යුද්ධයේ බිහිසුණු බව, මානව සංහතියේ විනාශය නිරූපණය කරයි.මෙවැනි කලා කෘතියක් නරඹා එය කියවීම නම් එකී කලා සම්ප්‍රදාය පිළිබ්ඳ කිසියම් දැනීමක් තිබිය යුතු ය.මන්ද ව්‍යුක්ත කලාව ඇසින් දුටු සැනින් කියවා ඒ පිළිබඳ අවබෝධයක් ලැබීමට රසිකයන්ට එම මොහොතේම අපහසු බැවිණි.මෙම සිතුවම නරඹන රසිකයන් හට එහි ඇති ව්‍යුක්ත රූපී හැඩතල ඇසුරින් සිතුවම කියවා ගුවර්ණිකා නගරයේ සිදු වූ මෙම යුද්ධයෙන් සිදුවූ මානව හා දේපළ හානියත් එකල සමාජ, දේශපාලන, ආර්ථික පසුබිමත් කෙබදු වන්නේද යන්නත් පිළිබඳ මනා දැනීමක් සපයන්නට සමත් වූ බව මනාව පැහැදිලි වේ.
මේ යුගයේ හමු වන තවත් අග්‍රගන්‍ය කලා නිර්මාණක් ලෙස පිකාසෝගේ ඇවිග්නොන්හි යුවතියෝ සිතුවම පෙන්වා දිය හැකිය.
මෙහි නිරූපණය වන්නේ ඇවිග්නොන්හි නගරයේ වීදි ඔස්සේ සැරිසරන ඝණිකාවන් පිරිසකි.ඝණිකාවන් වූ කලී සුවඳ විලවුන් තවරා, සුරූපී ලෙස අන් අයගේ සිත් නෙත් වශී කරන ආකාරයේ කායික සුන්දරත්වයක් පැවතිය යුතු පිරිසකි.නමුත් මෙම සිතුවමේ මොවුන් නිරූපණය කොට ඇත්තේ විකෘති රූප ලෙසිනි.කොතරම් බාහිර සුන්දරත්වයෙන් යුතු වුවද පිටතට සිනා මුසු මුහුණින් යුතු වූද ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිත තුළ පවත්නා දුක්ඛිත බව, අසරණ බව සමාජයට මෙන් ම රසිකයාට විවරණය කිරීමට ශිල්පියා උත්සුක වී ඇත.
මෙහිදී ව්‍යුක්ත රූපී හැඩතල ඇසුරින් කරන ලද මෙම නිර්මාණය තුළින් සමාජය විසින් ඝණිකාවන් දෙස බලන්නේ කෙසේද ඔවුන් සමාජ අසම්මත රියාවලියක නිරත වුවද ඔවුන් කොතරම් සුන්දර වුවද ඔවුන්ගේ ජීවිත ඇතුළන්තයේ දුක්ඛිත බව මෙහි එක් ඝණිකාවකගේ මුහුණ අප්‍රිකාණු වෙස් මුහුණක් මඟින් නිරූපණය කර තිබීමෙන් මනාව විශද කෙරේ.නමුත් තවත් අයෙකුට මෙම සිතුවම මඟින් ඝණිකා ජීවිතයේ ඇති සුන්දරත්වය හා ඔවුන්ගේ කා මුකත්වය කදිමට විවරණය වන බවට ද මත ඉදිරිපත් කළ හැක.මේ අනුව කලා රසිකයන්ට එම කලා කෘතිය විවිධ දෘෂ්ටි කෝණවලින් දකින්නටත් දැක එය කියවීමටද පුළුවන.
මේ අනුව බලන කළ චිත්‍ර කලාව තුළ නිර්මිත සිතුවම් තුළින් රසිකයා මෙන් ම සමාජය ලබන රසවින්දනය, රසඥතාවය, දැනෙන ආකාරය එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වන බව පෙන්වා දිය හැක.එහිදී චිත්‍ර කලා නිර්මාණයක් මඟින් රසිකයාට මෙන් ම සමාජය වෙත ප්‍රබල බලපෑමක් එල්ල කරමින් මනා සංජානනයක් සැපයීමට සමත් වී ඇති බව උක්ත කරුණුවලට අනුව මනාව විග්‍රහ කළ හැකිය.

සිතුවම් ගැන කියවපු හොඳම ලිපියක්
ReplyDeleteඅපූරු අදහසක් කියන්න පුලුවන්.ලිපියට ගොඩාක් ස්තුතියි.
ReplyDelete