Posts

Image
             චිත්‍ර කලාවේ ඇති සංජානනමය හැකියාව.           චිත්‍ර කලාවේ පවතින සංජානනමය හැකියාව පිළිබඳ වීමංසනය කරන කල්හී එය චිත්‍ර කලා ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ගම්‍යමාන වේ.දඩයම සිය ජීවනෝපාය බවට පත් කොට ගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා විසින් දෙනික ජීවිතයේ සිය දඩයම් කටයුතුවල නිරතවීමේදී මුහුණ් දීමට සිදුවන අත්දැකීම් සහ ඔවුන් ඇසින් දුටු දෑ මනාව නිරීක්ෂණය කොට එය සිය විඥානයට හසු කර ගනිමින් සිය විවේකී කාල පරිච්ජේදය තුළ වර්ණ,රේඛා,හැඩතල ,සංඥා,සංකේත මඟින් මැනවින් හැගීම් ප්‍රකාශ වන අයුරින් ගුහා බිත්ති මත කුරුටු ගෑමෙන් හා සීරීමෙන් චිත්‍රනය කිරීමට උත්සුක වී ඇත.මීට කදිම උදාහරණයක් ලෙස යුරෝපා චිත්‍ර කලාවේ එන ස්පඤ්ඤයේ ඇල්ටමීරා හා ප්‍රංශයේ කෝගුල් ,ලැස්කෝ යන ගුහා තුළ ඇද ඇති සිත්තම් පෙන්වා දිය හැකිය                                                                ...
                         චිත්‍ර කලාව හැදින්වීම.       කලාව යනු මිනිස් සිත තුළ හට ගන්නා වඩාත් විශිෂ්ටතම හා උත්තරීතරම හැගීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කෙරෙන සුවිශේෂී මානව ක්‍රියාවලියකි.එහි හරය වනුයේ මිනිසාගේ නිර්මාණ කෞෂල්‍ය ප්‍රකාශයට පත් කිරීමයි.විවිධ කලා කෘති කලාත්මක වශයෙන් අගය කිරීම ඩුෂ්කර වූවක් මෙන් ම විවිධ කලාකරුවන්ට ඔවුන්ගේ කලා කෘතිය නිපදවීමට විවිධ රීතීන් මෙන් ම ශිල්පීය මානසිකත්වය ,හැසිරවීමේ රීති පද්දතියක් ද ඇත.චිත්‍ර කලාව සම්පූර්ණයෙන් මවචනයෙන් සන්නිවේදනය කළ නොහැකි ය.මානවයා විසින් මේ දක්වා ගොඩනගාගෙන ඇති සෑම දැනුම් සම්භාරයකට ම මෙය පොදු ය.දැනුම යනු ජීවිතය,සමාජය හා ස්වභාවය පිළිබඳ මිනිසා විසින් ගොඩ නගා ගන්නා වූ අදහස් හා සංකල්පන සමුච්චයකි.එසේ නම් චිත්‍රය ද මිනිසා විසින් ගොඩනගා ගෙන ඇති අනේකවිද දැනුම් සම්භාරයක් වන අතර තවත් එක් ආකාරයක දැනුම් ඛණ්ඩයක් වේ.                 චිත්‍ර කලාව වූ කලී පුළුල් වපසරියක ව්‍යාප්ත වන්නා වූ අද්විතීය කලා මාධ්‍යයකි.අප ඇස් ඉදිරිපිට ඇති ලෝක...