My curtain design
Posts
Showing posts from December, 2017
- Get link
- X
- Other Apps
Sri Lankan History ශ්‍රී ලංකා කලා ඉතිහාසය Anuradhapura period(5-7 century) අනුරාධපුර යුගය (5-7 සියවස) * Visual arts ගොඩනැගී ඇත්තේ ද්‍රව්‍ය සංස්කෘතිය (Material Culture) යන සංකල්පය මත ය. * කිසියම් සමාජයක මිනිසුන්ගේ චර්‍යාවන්ට බලපාන තත්ත්වය ද්‍රව්‍ය සංස්කෘතිය වේ. * සමාජ සංස්කෘතික විභවයන් හා ගතිකයන් ඒ ද්‍රව්‍ය මගින් ප්‍රකාශ කරනු ලබයි. * දෘශ්‍ය කලා කරුවන්ගේ දෘශ්‍යමය තත්වය එය ඒ අවධියේ සංස්කෘතිය හා දේශපාලනික මොහොතයි. * ශ්‍රී ලංකාවේ දීර්ඝ හා සාරවත් සිතුවම් හා මූර්ති සම්ප්‍රදායක් ඇත.එය ඇතැම් විට ප්‍රාග් ඓතිහාසික සමයන් හි සිට නැතහොත් යටත් පිරිසෙන් ක්‍රි:පූ: 2වැනි හෝ 3වැනි ශත වර්ෂ වල සිට 20වන ශත වර්ෂය දක්වා විහිදුනකි. * මේ සිතුවම් හා මූර්තිවලින් අති බහුතර සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ බෞද්ධ විහරස්ථානවල හා පන්සල්වල ය. * මින් බොහෝමයක් අවුරුදු සිය ගණනකට ඉහතදී පිහිටුවන ලද විහාර හා පන්සල් ය.ක්‍රි: පූ: 2වැනි ශත වර්ෂය තරම් ඈත අතීතයේ දී බෞද්ධ ස්ථූපවල ධාතු ගර්භයන්,විහාරස්ථ භික්ෂු ආවාසවල ද වාස්තු විද්‍යාත්මක ඇදහීම් ලද දෘෂ්‍යමය නිරූපණයන් භාවිත කිරීමේ සිරිත බව ඓතිහාසික ලේඛනවල වාර්තා වී තිබේ