Posts

Showing posts from October, 2017
                         චිත්‍ර කලාව හැදින්වීම.       කලාව යනු මිනිස් සිත තුළ හට ගන්නා වඩාත් විශිෂ්ටතම හා උත්තරීතරම හැගීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කෙරෙන සුවිශේෂී මානව ක්‍රියාවලියකි.එහි හරය වනුයේ මිනිසාගේ නිර්මාණ කෞෂල්‍ය ප්‍රකාශයට පත් කිරීමයි.විවිධ කලා කෘති කලාත්මක වශයෙන් අගය කිරීම ඩුෂ්කර වූවක් මෙන් ම විවිධ කලාකරුවන්ට ඔවුන්ගේ කලා කෘතිය නිපදවීමට විවිධ රීතීන් මෙන් ම ශිල්පීය මානසිකත්වය ,හැසිරවීමේ රීති පද්දතියක් ද ඇත.චිත්‍ර කලාව සම්පූර්ණයෙන් මවචනයෙන් සන්නිවේදනය කළ නොහැකි ය.මානවයා විසින් මේ දක්වා ගොඩනගාගෙන ඇති සෑම දැනුම් සම්භාරයකට ම මෙය පොදු ය.දැනුම යනු ජීවිතය,සමාජය හා ස්වභාවය පිළිබඳ මිනිසා විසින් ගොඩ නගා ගන්නා වූ අදහස් හා සංකල්පන සමුච්චයකි.එසේ නම් චිත්‍රය ද මිනිසා විසින් ගොඩනගා ගෙන ඇති අනේකවිද දැනුම් සම්භාරයක් වන අතර තවත් එක් ආකාරයක දැනුම් ඛණ්ඩයක් වේ.                 චිත්‍ර කලාව වූ කලී පුළුල් වපසරියක ව්‍යාප්ත වන්නා වූ අද්විතීය කලා මාධ්‍යයකි.අප ඇස් ඉදිරිපිට ඇති ලෝකයට අමතරව තවත් ලෝකයක් ,මායාවක් සිතුවම් තුළින් මතු කරයි.එහිදී චිත්‍ර කලාව තුළින් රසිකයාට,ප්‍රේක්ෂකයාට හා සමාජ ව්‍යුහය වෙත