Posts

Image
                                                     my paintings
Image
                          ස්ථාපන කල කෘති ๬
Image
Sri Lankan History ශ්‍රී ලංකා කලා ඉතිහාසය Anuradhapura period(5-7 century) අනුරාධපුර යුගය (5-7 සියවස) * Visual arts ගොඩනැගී ඇත්තේ ද්‍රව්‍ය සංස්කෘතිය (Material Culture) යන සංකල්පය මත ය. * කිසියම් සමාජයක මිනිසුන්ගේ චර්‍යාවන්ට බලපාන තත්ත්වය ද්‍රව්‍ය සංස්කෘතිය වේ. * සමාජ සංස්කෘතික විභවයන් හා ගතිකයන් ඒ ද්‍රව්‍ය මගින් ප්‍රකාශ කරනු ලබයි. * දෘශ්‍ය කලා කරුවන්ගේ දෘශ්‍යමය තත්වය එය ඒ අවධියේ සංස්කෘතිය හා දේශපාලනික මොහොතයි. * ශ්‍රී ලංකාවේ දීර්ඝ හා සාරවත් සිතුවම් හා මූර්ති සම්ප්‍රදායක් ඇත.එය ඇතැම් විට ප්‍රාග් ඓතිහාසික සමයන් හි සිට නැතහොත් යටත් පිරිසෙන් ක්‍රි:පූ: 2වැනි හෝ 3වැනි ශත වර්ෂ වල සිට 20වන ශත වර්ෂය දක්වා විහිදුනකි. * මේ සිතුවම් හා මූර්තිවලින් අති බහුතර සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ බෞද්ධ විහරස්ථානවල හා පන්සල්වල ය. * මින් බොහෝමයක් අවුරුදු සිය ගණනකට ඉහතදී පිහිටුවන ලද විහාර හා පන්සල්‍ ය.ක්‍රි: පූ:  2වැනි ශත වර්ෂය තරම් ඈත අතීතයේ දී බෞද්ධ ස්ථූපවල ධාතු ගර්භයන්,විහාරස්ථ භික්ෂු ආවාසවල ද වාස්තු විද්‍යාත්මක ඇදහීම් ලද දෘෂ්‍යමය නිරූපණයන් භාවිත කිරීමේ සිරිත බව ඓතිහාසික ලේඛනවල වාර්තා වී තිබේ
Image
             චිත්‍ර කලාවේ ඇති සංජානනමය හැකියාව.           චිත්‍ර කලාවේ පවතින සංජානනමය හැකියාව පිළිබඳ වීමංසනය කරන කල්හී එය චිත්‍ර කලා ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ගම්‍යමාන වේ.දඩයම සිය ජීවනෝපාය බවට පත් කොට ගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා විසින් දෙනික ජීවිතයේ සිය දඩයම් කටයුතුවල නිරතවීමේදී මුහුණ් දීමට සිදුවන අත්දැකීම් සහ ඔවුන් ඇසින් දුටු දෑ මනාව නිරීක්ෂණය කොට එය සිය විඥානයට හසු කර ගනිමින් සිය විවේකී කාල පරිච්ජේදය තුළ වර්ණ,රේඛා,හැඩතල ,සංඥා,සංකේත මඟින් මැනවින් හැගීම් ප්‍රකාශ වන අයුරින් ගුහා බිත්ති මත කුරුටු ගෑමෙන් හා සීරීමෙන් චිත්‍රනය කිරීමට උත්සුක වී ඇත.මීට කදිම උදාහරණයක් ලෙස යුරෝපා චිත්‍ර කලාවේ එන ස්පඤ්ඤයේ ඇල්ටමීරා හා ප්‍රංශයේ කෝගුල් ,ලැස්කෝ යන ගුහා තුළ ඇද ඇති සිත්තම් පෙන්වා දිය හැකිය                                                                                                                                       මෙම ගුහා සිත්තම් මඟින් ඔවුන් තමා ලද අත්දැකීම් ප්‍රතිනිර්මාණය කොට  චිත්‍රමය බසින් අන්‍යන්ට මනාව සන්නිවේදනය කිරීමට දරන ලද වෑයම තුළින් චිත්‍රකලාවේ සංජා
                         චිත්‍ර කලාව හැදින්වීම.       කලාව යනු මිනිස් සිත තුළ හට ගන්නා වඩාත් විශිෂ්ටතම හා උත්තරීතරම හැගීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කෙරෙන සුවිශේෂී මානව ක්‍රියාවලියකි.එහි හරය වනුයේ මිනිසාගේ නිර්මාණ කෞෂල්‍ය ප්‍රකාශයට පත් කිරීමයි.විවිධ කලා කෘති කලාත්මක වශයෙන් අගය කිරීම ඩුෂ්කර වූවක් මෙන් ම විවිධ කලාකරුවන්ට ඔවුන්ගේ කලා කෘතිය නිපදවීමට විවිධ රීතීන් මෙන් ම ශිල්පීය මානසිකත්වය ,හැසිරවීමේ රීති පද්දතියක් ද ඇත.චිත්‍ර කලාව සම්පූර්ණයෙන් මවචනයෙන් සන්නිවේදනය කළ නොහැකි ය.මානවයා විසින් මේ දක්වා ගොඩනගාගෙන ඇති සෑම දැනුම් සම්භාරයකට ම මෙය පොදු ය.දැනුම යනු ජීවිතය,සමාජය හා ස්වභාවය පිළිබඳ මිනිසා විසින් ගොඩ නගා ගන්නා වූ අදහස් හා සංකල්පන සමුච්චයකි.එසේ නම් චිත්‍රය ද මිනිසා විසින් ගොඩනගා ගෙන ඇති අනේකවිද දැනුම් සම්භාරයක් වන අතර තවත් එක් ආකාරයක දැනුම් ඛණ්ඩයක් වේ.                 චිත්‍ර කලාව වූ කලී පුළුල් වපසරියක ව්‍යාප්ත වන්නා වූ අද්විතීය කලා මාධ්‍යයකි.අප ඇස් ඉදිරිපිට ඇති ලෝකයට අමතරව තවත් ලෝකයක් ,මායාවක් සිතුවම් තුළින් මතු කරයි.එහිදී චිත්‍ර කලාව තුළින් රසිකයාට,ප්‍රේක්ෂකයාට හා සමාජ ව්‍යුහය වෙත